මහ කන්නයේ වී මිල මෙන්න

2025 – 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කීරී සම්බා වී කිලෝවක මිල රුපියල් 140, සම්බා වී කිලෝවක මිල රුපියල් 130, නාඩු වී කිලෝවක මිල රුපියල් 120කට මිලදී ගැනීමට නියමිතය.

මෙවර වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා සඳහන් කළේ.