විපක්ෂනායකගේ ශිවරාත්‍රි දින සුබ පැතුම

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදට යෙදෙන මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුමක් නිකුත් කර තිබෙනවා.

එය පහතින්,

“අපගේ හදවත්වල දැල්වෙන ආලෝකය රට පුරා විහිදී, සාමය, සමගිය සහ සෞභාග්‍යය පිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මඟ පෑදේවා කියා මේ ශිව රාත්‍රී දිනය සමරන අද දින අප සැවොම ප්‍රාර්ථනා කරමු.”