2026 ජනවාරි මාසයේ දී ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.824ක් ලෙස සටහන් වී තිබෙනවා.
මෙය 2025 දෙසැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.838ක සංචිත වත්කම් ප්රමාණය හා සැසඳීමේ දී 0.2% සුළු පහළ යාමක් වනවා.
මේ අතර 2025 දෙසැම්බර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 86 සිට 2026 ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 109ක් දක්වා 21.1.6%ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබෙනවා.
පසුගිය මාසයේ දී ගෝලීය රන් මිල සීඝ්රයෙන් ඉහළ යාම මිට හේතුවී ඇති බව සඳහන්.

