විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල හතක නව නේවාසිකාගාර ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.
මෙම පහසුකම් අවම වශයෙන් සිසුන් 2,400 කට නවාතැන් ගත හැකි වන පරිදි ඉදිකරනු ලැබෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.
මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන අතර, විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන නේවාසික පහසුකම්වල දැඩි හිඟය විසඳීම මෙහි අරමුණ වී තිබෙනවා.

