සමූපාකාර තුළින් රුපියල් 10,000කට වැඩියෙන් බඩු ගත්තොත් ජිවිත රක්ෂණයක්

සමූපාකාර වෙළෙඳසැල් තුළින් මාසයක් තුළදි රුපියල් 10,000කට වැඩි මුදලක් වියදම්කර භාණ්ඩ මිලදි ගන්නා පාරිභෝගිකයින් හට ජිවිත රක්ෂණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

එම රක්ෂණාවරණය නොමිලේ පාරිභෝගිකයින්ට ලබාදෙන අතර එය ලක්ෂ තුනකට අධික වටිනාකමකින් යුතු බවයි අනුරාධපුරය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

”සමූපාකාර ව්‍යාපාරය මාලිමාවේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හරහා ඉදිරියට ගෙන එනවා.. ඒ ඔස්සේ සෑම ප්‍රාදේශිකයකට කෝප් සිටියක්  ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙනවා..එමෙන්ම නාගරික ප්‍රදේශවල දැවැන්ත කෝප් සිටි පවත්වා ගෙන යාමට අවශ්‍ය ණය මුදල් ද, අඩු පොලියක් යටතේ ලබා දීමට කටයුතු කරනවා”