යුක්රේන බලශක්ති පහසුකම් වෙත රුසියාව විසින් දැවැන්ත ප්‍රහාරයක් ඊයේ එල්ල කර ඇතැයි වාර්තා වෙනවා.
එය විදුලිබල උත්පාදනය සහ බෙදා හැරීම ඉලක්ක කර ගත් බවයි කියෙව් සඳහන් කළේ.
මෙම ප්‍රහාරයට ඩ්‍රෝන යානා 400 කට වැඩි ප්‍රමාණයක් සහ විවිධ වර්ගයේ මිසයිල 40 ක් පමණ සම්බන්ධ වූ බවයි ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පැවසුවේ.
ඒවා ජාලකය, උත්පාදන පහසුකම් සහ බෙදා හැරීමේ උපපොළවල් ඉලක්ක කර ගෙන දියත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ප්‍රහාරය හේතුවෙන් රට පුරා හදිසි විදුලි කප්පාදුවක් ද සිදු කිරීමට යි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
යුක්රේන විදුලිබල පද්ධතියට උපකාර කිරීම සඳහා රජය හදිසි විදුලි ආනයන සඳහා පෝලන්තයෙන් ඉල්ලීමක් ද යුක්රේනය විසින් සිදු කර ඇති බව සඳහන්.

