ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,065ක්

ගුරුවරුන් 10ට අඩු රජයේ පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

2025 වර්ෂයේ ජනලේඛන හා සංඛ්‍ය ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවේ මේ බව දක්වා තිබෙනවා.

දිවයින පුරා පාසල් 10,047 පවතින බව එහි සඳහන් වනවා.

එම පාසල් වලින් 3,065කම ගුරුවරුන් 10ට අඩු සංඛ්‍යාවක් සිටින අතර එම පාසල් අතර එක් ජාතික පාසලක් ද වනවා.

එසේම දිවයින පුරා රජයේ පාසල් 1,645ක ළමුන් 50ට අඩු බව ද එම වාර්තාවේ දැක්වෙනවා.

ළමුන් 50ට අඩු රජයේ පාසල් අතර එක් ජාතික පාසලක් සහ පළාත් පාසල් 1,644ක් ඇත.

එසේම ළමුන් 51ත් 100ත් අතර රජයේ පාසල් 1,648ක් වන අතර එම සියලුම පාසල් පළාත් පාසල් බව සඳහන් වේ.

මේ අතර  2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා රජයේ පාසල්වලට ඇතුළත් වු ළමුන් සංඛ්‍යාව පහළ ගොස් තිබෙනවා.

2025 වර්ෂයේදී පළමු ශ්‍රේණිය සඳහා ළමුන් දෙලක්ෂ 66,281 දෙනෙකු ඇතුළත් වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.