ගාසා තීරයට එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරවලින් පරිපූරක වෛද්‍යවරයෙකු ඇතුළු අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 20 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.
එසේම තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.
“ත්රස්තවාදීන්” ලෙස හැඳින්වූ අයට එරෙහිව ටැංකි සහ ගුවන් යානා භාවිතා කරමින් “නිශ්චිත ප්‍රහාර” සිදු කළ බවයි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල හමුදා සඳහන් කළේ.
මෙම ප්‍රහාරය ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ස්ථානගත කර ඇති කහ රේඛාවට ආසන්නව සිදු වී තිබීම විශේෂත්වයක්.
ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල පැවසුවේ නැගෙනහිර සයිටවුන් සහ ටුෆා අසල්වැසි ප්‍රදේශවල අවතැන් වූ පවුල් සහ නිවාස සඳහා කූඩාරම් වලට පහර දීමෙන් මියගිය දරුවන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු ලැබුණු බවයි.

