දිස්ති‍්‍රක්ක 07 කින් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවේ

පසුගිය දින 03 තුළ දිස්ති‍්‍රක්ක 07 කින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා.

කිලිනොච්චිය, වව්නියාව, මුලතිව්, බදුල්ල, යාපනය, කෑගල්ල සහ අනුරාධපුර එම දිස්ති‍්‍රක්ක වනවා.

මඩකලපුව, මන්නාරම සහ මොණරාගල දිස්ති‍්‍රක්කවලින් ඊයේ දිනයේ වාර්තා වූයේ එක් ආසාදිතයෙකු බැගින් බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ.