2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයට දින නියම කර තිබෙනවා.
ප්‍රායෝගික පරීක්ෂණ ලබන හත්වනදා සිට පෙබරවාරි මස 11 වැනිදා දක්වා මධ්‍යස්ථාන 74ක පැවැත්වීමට නියමිතයි.
මෙහිදී පාසල් අයදුම්කරුවන්ගේ අයදුම්පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට ද තැපැල් මගින් යොමු කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ප්‍රවේශ පත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශ පත්‍ර බාගත කර ගැනීමේ හැකියාව පවතියි.

