කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 130කින් පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) ඒකක 130.63කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වුණේ ඒකක 23,681.68ක් ලෙසයි.

මේ අතර අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.2ක් ලෙස දැක්වුණා.