ඔසප් වේදනාව කියන්නේ වැඩිවියට පත්වුණු ගැහැණු ළමයෙක් ගේ ඉදන් අවුරුදු 50ක් පමණ වෙන හැම කාන්තාවකටම වගේ මාසිකව විඳින්න වෙන අමාරු වේදනාවක්.
ඔයා දැනගෙන හිටියද ඔයාගේ ආදරෙන් එයාගේ මේ ඔසප් වේදනාව අඩු කරන්න පුළුවන් කියල…. ඇත්තටම ඔව්…. ඔයාට පුළුවන් මේ වගේ දවස් වල එයාට ටිකක් වැඩියෙන් ආදරේ කරලා එයාගේ වේදනාව ගොඩක් අඩු කරන්න.
අපි මුලින්ම මේකේ විද්‍යාත්මක පැතිකඩ ගැන ටිකක් බලල ඉමු.
අපි ආදරෙන් ඉන්නකොට, කෙනෙක් අපිට සෙනෙහස උණුසුම දෙනකොට අපේ ශරීරයෙන් ඔක්සිටෝසින් (Oxytocin) කියන හෝර්මෝනය ශ්‍රාවය වෙනවා. ඉතින් මේ Oxytocin කියන්නේ ස්වාභාවික වේදනා නාශකයක්, මේකෙන් අපි වේදනා සංවේදන ග්‍රහණය කර ගැනීම අවම කරනවා, ඒ නිසා යම් සැනසිලිදායක බවක් ඇති වෙනවා. ඒ වගේම ගර්භාෂ බිත්ති ලිහිල් කිරීමටත් Oxytocin දායක වෙනවා.
ඔයා එයාව වැළඳගන්නකොට, සිප ගන්නකොට , තුරුල් කර ගන්නකොට සහ අත ගානකොට වගේ දේවල් වලින් එයාගේ ශරීරයෙන් මේ Oxytocin ශ්‍රාවය වෙනවා.
ඒ වගේම තමයි ආදරය දැනෙනකොට අපේ ශරීරයේ ඩොපමින් (Dopamine) ශ්‍රාවය වීමත් වැඩි වෙනවා. එය සතුට ලබා දෙන අතර වේදනාව කෙරෙහි ඇති අවධානය වෙනතකට යොමු කරනවා. ඒ නිසා මේකෙනුත් ඔසප් වේදනාව දැනෙන එක අඩු කරන්න පුළුවන්.
stress දැනෙන වෙලාවට ශ්‍රාවය වෙන Cortisol කියන හෝර්මෝනය ආදරය දැනෙන ආරක්ෂිත පරිසරයක ඉන්නකොට ශ්‍රාවය වෙන එක නතර වෙනවා. ඉතින් Cortisol මට්ටම පහල බසින විට, මාංශ පේශි ලිහිල් වී වේදනාව අඩු වෙනවා.
ඉතින් ඔයාට ඇය වෙනුවෙන් මේ කාලයේ මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්.
ඇයව ආදරයෙන් වැළඳ ගැනීම, අතින් අල්ලාගෙන සිටීම හෝ හිස අතගෑම මගින් ඇයට විශාල සහනයක් දැනෙනවා. ඒ නිසා සෙමෙන් ඇයට පහසුවක් දැනෙන විදිහට මේ දේවල් කරන්න.
ඒ වගේමයි ඇය පවසන අපහසුතා හෝ හැඟීම් වලට හොඳින් සවන් දීම සහ ඇයව තේරුම් ගැනීම මානසිකව විශාල සහනයක් වෙනවා, ඒ හරහා ඇයගේ වේදනාව පිට කිරීමට හැකි වෙනවා.
කොන්දේ පහළ කොටස හෝ උදරය ප්‍රදේශය සැහැල්ලුවෙන් සම්බාහනය කිරීමෙන් රුධිර ගමනාගමනය ක්‍රමවත් වී වේදනාව අඩු වෙනවා. ඔයාට පුළුවන් නම් එයා වෙනුවෙන් උණු වතුර බෝතලයක් හෝ bag එකක් සකස් කර දෙන්න.
ඇය ප්‍රිය කරන ආහාර වර්ග, ඇයට මේ දවස් වලට කන්න ආස චොක්ලට් වැනි දේවල් වගේම තේ, කෝපි වැනි උණුසුම් පානවර්ග ඇයට සකස් කර දෙන්න.
මතක තියා ගන්න, ආදරය යනු ෆාමසියෙන් මිල දී ගත හැකි ඖෂධයක් නොවුණත්, එය බලවත් ස්වභාවික වේදනා නාශකයක්. තමන් තනිවී නැති බවත්, තමන්ගේ වේදනාව තේරුම් ගන්නා කෙනෙකු ළඟ සිටින බවත් දැනීම අයගෙ මනස සුවපත් කරනවා. මනස සුවපත් වූ විට කයෙහි වේදනාව ද ඉබේම යටපත් වී යනවා.
ඒ නිසා ඒ වගේ දවස් වලට ඇයට වැඩියෙන් ආදරේ දෙන්න !

