ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු හෙට සිට

ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු හෙට (01) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ නමුත් මෙවර එම කටයුතු සඳහා ග්‍රාම නිලදාරීන් ගෙයින් ගෙට යාමේ ක්‍රියාවලිය සිදු නොකරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

ඒ අනුව තමාගේ ගෘහට අදාළ වලංගු ඡන්ද හිමි නාමලේඛනයේ සිදුවිය යුතු සංශෝධිතයන් 2026 ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් විය යුතු නම් සම්බන්ධව ගණන් ගන්නා නිලධාරීන් වෙත අදාළ තොරතුරු ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය මාස දෙකක කාලයක් ක්‍රියාත්මක වන අතර පසුව අදාළ තොරතුරු ඇතුලත් ලැයිතු ප්‍රදර්ශනය, හිමිකම් හා විරෝධතා භාර ගැනීම පිළිබඳව දැන්වීම එළැඹෙන මැයි මස 05 වැනි දින ප්‍රසිද්ධ කිරීම සඳහා සැලසුම් කර ඇත.

ඒ අනුව එම දැන්වීම පළකර දින 28ක් තුළ හිමිකම් හා විරෝධතා ඉදිරිපත් කළ යුතු අතර 2026 ප්‍රතිශෝධන අවස්ථාවේදී සුදුසුකම් සපුරා ඇති එහෙත් ER ආකෘතියට නම ඇතුළත් කර ගැනීමට නොහැකි වූ තැනැත්තන්ට මෙම කාලය තුළ හිමිකම් අයදුම්පතක් ඉදිරිපත් කළ හැකි බවත් සඳහන් කර ඇති මැතිවරණ කොමිසම පැවසුවේ 2026 නාමලේඛනය සඳහා නුසුදුසු පුද්ගලයෙකුගේ නමක් නිර්දේශ වී ඇත්නම් විරෝධතාවක් ඉදිරිපත් කිරීමට මෙම කාල සීමාවේදී අවස්ථාව ලැබෙන බවය.

ඒ සඳහා වූ මුද්‍රිත ආකෘති කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයාගෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් ලබා ගත හැක.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්,