දිනකට නව පිළිකා රෝගීන් 100ක්

මෙරට දිනකට නව පිළිකා රෝගීන් සියයක් හඳුනා ගැනෙන අතර, ඉන් රෝගීන් හතලිස් දෙනෙකු පමණ මියයන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු පවසනවා.

පෙබරවාරි 04 වැනිදාට යෙදී තිබෙන ලෝක පිළිකා දිනට සමගාමීව පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේ බව සඳහන් කළේ.

‘වෙනස්කම් මගින් එකතුවෙමු’ යන්න මෙවර ලෝක පිළිකා දිනයේ තේමාව වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ 2022 වසරේදී නව පිළිකා රෝගීන් මිලියන 20ක් වාර්තා වන බවයි.

එමෙන්ම පිළිකා ආශ්‍රිත මරණ මිලියන 10ක් වාර්තා වෙනව බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල දැක්වෙන්නේ.

ඒ අනුව 2022 වසරේදී ශ්‍රී ලංකාවෙන් නව පිළිකා රෝගීන් 35,855ක් වාර්තා වී ඇති අතර, 2021 දී ඉන් 14,986ක් මරණ වාර්තා වී තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 19,500ක් ද, පිරිමින් 16,400ක් වන බව සඳහන්.