වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුමක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුම්ගත වීම අද(30) සිදු කරනු ලැබුවා.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති හා ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද ඊට අදාළ ගිවිසුම් හුවමාරු කර ගෙන ඇත.

මෙම ගිවිසුම යටතේ මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් රජය විසින්ද ගෙවීමට නියමිතව තිබේ.