බෞද්ධාගමික චින්තනය තුළ හැදුන වැඩුන ඉතිහාසයක් අප සතුව තිබෙන බවත් ඒවාට සාක්ෂි මෙරට සෑම තැනකම ඇති බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මෙම අඳහස් පළ කළේ බෙන්තර වලල්ලාවිට කෝරළයේ ප්රධාන සංඝනායක මලේගොඩ පුෂ්පාරාම පිරිවෙන් විහාරයේ විහාරාධිපති මලේගොඩ නන්ද ස්වාමීන් වහන්සේගේ 72වන ජන්ම දිනය වෙනුවෙන් පැවති පින්කමකට සහභාගී වෙමින්.
බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ උතුම්කම වටහාගැනීමට භික්ෂූන් වහන්සේලාගෙන් ලැබෙන ශක්තිය මේ යැයි පැවසීමට අපහසු බව උන්වහන්සේ වැඩිදුරටත් අඳහස් දක්වමින් සඳහන් කළා.
සිංහල බෞද්ධ චාරිත්රයෙන් පිරුන ශක්තිමත් රටක් ලෙස තමන් වහන්සේ මේ රට දකින බවත්, කිසිදු කෙනෙකුට මේ රට බෞද්ධ රටක් නොවන බව පැවසීමට නොහැකි බවත්, ඒ සම්පත්තිය ආරක්ෂා කරගතයුතු බවත් මෙරට දේශපාලන නායකයින් එය තේරුම්ගත යුතු බවත් උන්වහන්සේ පවසනවා.

