රුපියල පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.83 සිට රු. 305.98 දක්වා ඉහළ ගොස් තිබේ.

විකුණුම් මිල ද රු. 313.36 සිට රු. 313.51 දක්වා ඉහළ ගොස් තිබේ.