රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් අද (28) සිට දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය පැය 48කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ.
සංගමයේ නියෝජිතයින් සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අතර මෙම වර්ජනයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවකදී එකඟ වූ කරුණු මත මෙම තීරණය ගෙන තිබෙනවා.
මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස රාජකාරි ආවරණය කරන වෛද්‍යවරයෙකු සම්බන්ධව මතු වූ ගැටලුවක් මුල් කර ගනිමින් එම සංගමය මෙම වැඩ වර්ජනය ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබුණි.

