කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (26) ඒකක 3.42කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 23,953.09ක් ලෙස සටහන් වුණා.

එසේම අද සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.5ක් ලෙස දැක්වුණා.