රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් අද (23) දිවයින පුරා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තමන් සහභාගී නොවන බව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) නිවේදනය කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක් දියත් කරන බවට මාධ්‍ය වාර්තා පළ වුවද, තම සංගමයට අයත් විශේෂඥ වෛද්‍යවරුන් සුපුරුදු පරිදි රාජකාරි කටයුතුවල නිරත වන බවයි වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය සඳහන් කළේ.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු විසඳීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පමා කරන හෝ අඩාල කරන ඕනෑම ක්‍රියාවකට තම සංගමය දැඩි ලෙස විරුද්ධ වන බවද ඔවුන් සඳහන් කරනවා.
එවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් වෛද්‍ය ක්ෂේත්රයේ ස්ථාවරත්වය බිඳ වැටී රෝගී සත්කාරක සේවාවල ගුණාත්මකභාවයට හානි විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවා ඇත්තේ.
වෘත්තීය සහ සේවා සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට වඩාත්ම වගකීම් සහගත සහ ඵලදායී ක්‍රමය වන්නේ සාකච්ඡා මාර්ගයෙන් සම්මුතීන්ට එළඹීම බව තම සංගමය දැඩිව විශ්වාස කරන බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

