ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමට

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක වාතයේ ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටමට පැමිණ ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.

ඉන්දියාවේ සිට පැමිණෙන වායු දූෂක මිට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් උතුරු, මධ්‍යම සහ බටහිර ප්‍රදේශවල PM2.5 සාන්ද්‍රණය සෞඛ්‍යට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව යාපනය, කෑගල්ල, වවුනියාව සහ ගාල්ල යන ප්‍රදේශවල මෙම අහිතකර තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.