2026 වසරේ පැවැත්වීමට නියමිත ICC විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලොව පුරා සංචාරය කරන ලෝක කුසලාන කුසලානය හෙට (21) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, ජනවාරි 21 සිට 24 දක්වා දින හතරක් පුරා මෙම කුසලානය දිවයිනේ ප්‍රධාන නගර කිහිපයක ප්‍රදර්ශනය කරනු ඇත.
මෙම කුසලාන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට මෙම කුසලානය දැකබලා ගැනීමට අවස්ථාව හිමිවන අතර, ඉන් අනතුරුව මහනුවර, දඹුල්ල සහ යාපනය යන ප්‍රධාන නගර කරා ද මෙය රැගෙන යාමට නියමිතයි.
මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරනු ලබනවා.

