පසුගිය වසරේ මෙරටට විදේශ සංචාරකයින් මිලියන 2.3ක ප්‍රමාණයක් පැමිණ ඇති බව සංචාරක අධිකාරිය පවසනවා.
ඒ අතරින් වැඩිම පිරිසක් ඉන්දියානු සංචාරකයින් වන අතර අතර එම සංඛ්‍යාව 531,511ක් වනවා. එය 2024 වසරට සාපේක්ෂව 114,000ක වැඩිවීමකි.
එසේම 2025 වසරේ බ්‍රිතාන්‍ය සංචාරකයින් 212,277 දෙනෙකු 2025 වසරේදී මෙරටට පැමිණ ඇත.
සමස්තයක් ලෙස දෙසැම්බර් මාසයේ සංචාරකයින්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාව 258,928ක් වනවා.
යුරෝපා සහ ආසියානු පැසිෆික් කලාපයේ සංචාරකයින් සියයට 92.7ක ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර ඒ සඳහා යුරෝපයේ දායකත්වය සියයට 51.3ක් ලෙස දැක්වෙනවා.

