අප්‍රේල් අලුත් අවුරුද්දට කලින් ලයිසන් ඔන්ලයින් ක්‍රමයට

ලබන අප්‍රේල් මාස‍‍ෙය් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර දිස්ත්‍රික් 25 තුළම මාර්ගගත ක්‍රමයට රියැදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසනවා.

මාර්ගගත ක්‍රමයට දිස්ත්‍රික් 11ක මෙම සේවාව දැනට ක්‍රියාත්මක වන අතර සෙසු දිස්ත්‍රික්වල මාර්ගගත ක්‍රමයට රියැදුරු බලපත්‍ර ලබාදීමට අදාළ කටයුතු මේ වන විට සිදුවෙමින් ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව මේ හරහා මසක් ඇතුළත රියැදුරු බලපත්‍ර ලබාගත හැකිවන බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.