දිට්වා නිසා සිදු වුණු වගා හානි වෙනුවෙන් මිලියන 800 ක් ගෙවා අවසන් 

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ වගා හානි වෙනුවෙන් මේ වන විට වන්දි වශයෙන් රුපියල් මිලියන 800 ක් ගෙවා අවසන් කර ඇති බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් තුෂාර වික්‍රමාරච්චි සඳහන් කළේ, ගොවීන් විසි දෙදහසකට එම ගෙවීම් සිදුකර ඇති බවයි.

ඒ අනුව එළවලු වගා හානි වෙනුවෙන් ගොවීන් 18,200 දෙනෙකුට සදහා රුපියල් මිලියන 660 ක් ගෙවා අවසන් කර තිබේ.

එසේම අතිරේක ආහාර බෝග වෙනුවෙන් ගොවීන් 2,800 දෙනෙකු සඳහා රුපියල් මිලියන 110 ක් ගෙවා ඇත.

බඩඉරිඟු වගා හානි වෙනුවෙන් ගොවීන් 1,000 සඳහා රුපියල් මිලියන 35 ක් ගෙවා අවසන් කර ඇත.