චීන විදේශ කටයුතු පිළිබඳ ඇමති දිවයිනට

චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වොන්ග් ඊ ( Wang Yi ) මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා අද (12) දින අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

එතුමා සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම පිරිස අද (12) දින අලුයම 01.05 ට දකුණු අප්‍රිකාවේ ඩර්බන් ( Durban ) නුවර සිට චීනයට අයත් බෙයිජිං ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සඳ හා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන්ග් ( Qi Zhenhong ) මහතා ඇතුළු එම තානාපති කාර්යාලයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියාව, ඕෂනියාව භාර අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කෙ මහත්මිය ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙම පිරිස අද (12) දින දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් චීනයේ බෙයිජිං නුවර බලා පිටත්ව යාමට නියමිතයි.