නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්රයක් යළි යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
එම ජනන යන්ත්රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් පද්ධතියට එක්කිරීමට කටයුතු කර නොමැති අතර ඉදිරි දින කිහිපයේ දී එය පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව සඳහන්.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්ර 03ක් ඔස්සේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 900ක් එක්කරන අතර මේ වන විට එක් ජනන යන්ත්රයක් මගින් පමණක් ජාතික පද්ධතියට විදුලිය එක්කරනු ලැබෙනවා.
අක්රිය මට්ටමේ පවතින අනෙක් ජනන යන්ත්රය ද යථා තත්ත්වට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවද සඳහන්.

