ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් පුද්ගලෙක් ජීවිතක්ෂයට

ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම ලැව්ගිනි හේතුවෙන් නිවාස සහ ගොඩනැගිලි 300 ක් විනාශ වී තිබෙනවා.

දින කිහිපයක් තිස්සේ රට පුරා ස්ථාන රැසක ලැව්ගිනි පැතිර යමින් පවතින අතර ඉන් වැඩි ප්‍රමාණයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති බව සඳහන්.

ලැව්ගිනි හේතුවෙන් වික්ටෝරියා හි හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. එසේම පදිංචිකරුවන් සැලකිය යුතු පිරිසකට තම නිවාසවලින් ඉවත් වන ලෙස උපදෙස් දී ඇත.

දහස් ගණනක් ගිනි නිවන භටයින් සහ ගුවන් යානා 70 කට වැඩි ප්‍රමාණයක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා තිබෙනවා.

වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන් පැවසුවේ ප්‍රාන්තය පුරා ක්‍රියාකාරී ලැව්ගිනි 30 ක් දැවෙමින් පවතින බවත්, ඉන් දහයක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත්ය.