2025 වසරේ පාරිභෝගික පැමිණිලි 10,000කට වැඩියෙන්

පසුගිය වසර තුළ 1977 කෙටි දුරකථන අංකයට දස දහසකට අධික පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත්ව ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

පැමිණිලි 5,026ක් වැටලීම් හා විමර්ශන සිදුකළ යුතු පැමිණිලි වන අතර ඒවා විමර්ශන සඳහා අදාළ දිස්ත්‍රික් කාර්යාල වෙත යොමු කිරීමට අවශ්‍ය පියවර ගත් බවයි අධිකාරිය සඳහන් කළේ.

එසේම පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට එම පැමිණිලි අතුරින් 3,844ක් සම්බන්ධ වැටලීම් සහ විමර්ශන කටයුතු සාර්ථකව අවසන් කිරීමට අධිකාරියේ විමර්ශන නිලධාරීන් සමත් ව තිබෙනවා.

අනෙකුත් පැමිණිලි සම්බන්ධ විමර්ශන කටයුතු මෙම මස අවසන් වීමට පෙර නිමා කිරීමට සැලසුම් කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළා.