වර්ථමානයේ පවතින අවධානම් තත්ත්වයන් කළමනාකරණය කරමින් බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවල් සාර්ථකව පවත්වාගෙන යාමට එම ගොවිපොළවල් රක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
බිත්තර වී අක්කර එකක් සඳහා රුපියල් 13,600ක රක්ෂණ මුදලක් ගෙවිය යුතු අතර එවිට වගා හානියකදී අක්කර එකක් සඳහා රුපියල් 180,000ක මුදලක් වන්දි වශයෙන් ගොවියා වෙත ලැබෙනු ඇත.
මෙම රක්ෂණ ක්‍රමය මගින් ගංවතුර, නියඟය, පාලනය කළ නොහැකි රෝග, පලාභෝධ හා කෘමි උවදුරු හානි ඇතුළු සියලුම ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් සිදුවන වගා හානි මෙන්ම වන අලින්ගෙන් සිදුවන වගා හානිද මෙමගින් ආවරණය වන බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ.

