ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට ගත යුතු බවට ට්‍රම්ප් කියයි

රුසියාව හෝ චීනය විසින් ග්‍රීන්ලන්තයේ පාලනය අල්ලා ගැනීමට පෙර එක්සත් ජනපදය විසින් එහි පාලනය තමන් සතු කර ගැනීමට කටයුතු කළ යුතු බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

“රටවල්වලට හිමිකාරිත්වය තිබිය යුතු අතර ඔබ හිමිකාරිත්වය ආරක්ෂා කළ යුතුය, ඔබ බදු දීම ආරක්ෂා නොකරයි. අපි ග්‍රීන්ලන්තය ආරක්ෂා කළ යුතුයි”, යනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කර සිටියා.

මේ අතර ධවල මන්දිරය මෑතකදී පැවසුවේ පරිපාලනය සෙසු නේටෝ සාමාජික ඩෙන්මාර්කයේ අර්ධ ස්වයං පාලන භූමිය මිලදී ගැනීම සලකා බලමින් සිටින නමුත් එය බලහත්කාරයෙන් ඈඳා ගැනීමේ විකල්පය බැහැර නොකරන බවයි.

කෙසේවෙතත් ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාකය සඳහන් කරන්නේ කිසිසේත් සිය භුමිය විකුනන්නේ නැති බවයි.

දැනටමත් ග්‍රීන්ලන්තයේ වයඹ දිග කෙළවරේ පිහිටි පිටියුෆික් කඳවුරේ ඇමරිකානු හමුදා නිලධාරීන් 100 කට වැඩි පිරිසක් ස්ථිරව ස්ථානගත කර තිබෙනවා.

එසේම ඩෙන්මාර්කය සමඟ පවතින ගිවිසුම් යටතේ, ග්‍රීන්ලන්තයට අවශ්‍ය තරම් භට පිරිසක් ගෙන ඒමට ද එක්සත් ජනපදයට බලය ඇත.