ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තිබෙනවා.

ජල පෝෂිත ප්‍රදේශවලට ඇඳ හැලෙන වර්ෂාවත් සමග කලාඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙසේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ඉන් වාන් දොරටු 4ක් අඩි 4 බැගින් සහ වාන් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇත. 

ඉන් තත්පරයට ගණඅඩි 50,176ක ජලධාරිතාවයක් කලාඔයට මුදා හැරෙන බව ජලාශය භාර වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.

එසේම කන්තලේ ජලාශයේ ද මේ වන විට වාන් දොරටු විවෘත කර ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එහි වාන්දොරටු දහයෙන් 4ක්, අඩි එක බැගින් විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.