දිට්වා හේතුවෙන් කල්දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් එළැඹෙන 12 වනදා සිට යළි ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
එම විභාගය ජනවාරි 20 වන දින දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සඳහන් කළේ.
ඒ අනුව මධ්‍යස්ථාන 2,086කදී විභාගය පැවැත්වේ.
එසේම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32ක් ක්‍රියාත්මක වනවා.

