ඉතා ජනප්‍රිය යුරෝපීය ඉලෙක්ට්‍රොනික නර්තන සංගීතය හෙවත් EDM සංදර්ශනය වන Tomorrowland විසින් ආසියාවේ සිදු කරන පළමු සංදර්ශනය මේ වසරේ තායිලන්තයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙය මේ වසරේ දෙසැම්බර් 11 සිට 13 දක්වා තායි වෙරළ නගරයක් වන පතායා (Pattaya) හි දී පැවැත්වීමට නියමිතයි.
මේ සඳහා දිනකට 50,000 කට අධික පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරනවා.
ටිකට්පත් සඳහා පූර්ව ලියාපදිංචිය ජනවාරි 8 වන දින ආරම්භ වීමට නියමිතයි.
මෙහි දී දින තුනම ආවරණය වන full madness pass එකක මිල තායිලන්ත බාත්12,500 ක්, එනම් ඩොලර් 400ක් වන අතර එක්දිනයක් සඳහා පමණක් වන ප්‍රවේශපත්‍රයක මිල බාත් 5,100ක් වනවා.
උත්සවයේ තේමාව සහ පෙළගැස්ම පිළිබඳ වැඩි විස්තර ළඟදීම දැනුම් දෙන බවයි සංවිධායකයෝ සඳහන් කළේ.
බෙල්ජියම් සහෝදරයන් වන මනු සහ මිචියෙල් බියර්ස් විසින් වසර 20 කට පෙර ආරම්භ කරන ලද Tomorrowland, EDM හි ලොව වඩාත්ම කැපී පෙනෙන සැමරුම් වලින් එකක් බවට පත්ව තිබෙනවා.

