අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025(2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා (08) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර අ.පො.ස. (සා.පෙළ) 2025(2026) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 2025 දෙසැම්බර් 25 වනදා ආරම්භ කෙරුණු අතර ජනවාරි 08 වනදා අයදුම්පත් ඉදිරිපත් කිරීම හැකියාව පවතිනවා.

