බටහිර ජපානයට භූ කම්පනයක්

ජපානයේ බටහිට ප්‍රදේශයේ පිහිටි ෂිමානේ ප්‍රාන්තයේ රික්ටර් මාපක 6.2 ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.

එය, භූ කම්පන තීව්‍රතා පරිමාණය අනුව 5 වන මට්ටමේ ප්‍රබල භූ කම්පනයක් බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ.

එය එරට වෙලාවෙන් අඟහරුවාදා පෙ.ව. 10:18 ට සිදුව ඇත.

එමෙන්ම මිනිත්තු 10 කට පසුව, යසුගි ප්‍රදේශයේ භූ කම්පන තීව්‍රතා පරිමාණයෙන් 5 ට වඩා අඩු තවත් භූ කම්පනයක් සිදුව ඇත.

එහි විශාලත්වය රික්ටර් මාපක 5.1 ක් ලෙස ගණන් බලා ඇත.

මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැත.

එසේම සිදු වුණු විශාල ප්‍රමාණයේ හානි සම්බන්ධයෙන් ද වාර්තා වී නොමැති බවයි සඳහන් වෙන්නේ.