රුපියල පහළට

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 305.73 සිට රු. 306.11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් අනුපාතය ද රු. 313.27 සිට රු. 313.62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.