යුක්රේන ප්‍රහාරයකින් රුසියාවේ 24ක් ජීවිතක්ෂයට

යුක්රේනයේ දකුණු කෙර්සන් කලාපයේ රුසියානු පාලනය යටතේ පවතින කොටසට එල්ල කළ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එසේම බාලවයස්කරුවන් හය දෙනෙකු ඇතුළුව 50 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙන බව වාර්තා වෙනවා.

එම ප්‍රදේශයේ වූ හෝටලයක අලුත් අවුරුදු සැණකෙළි නරඹමින් සිටින අවසතාවක දී යි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

රුසියාවේ විදේශ අමාත්‍යාංශය සහ ජ්‍යෙෂ්ඨ රුසියානු දේශපාලනඥයන් විසින් මෙම ප්‍රහාරය යුක්රේනය විසින් එල්ල කළ රස්තවාදී ප්‍රහාරයක් බවට චෝදනා කර තිබෙනවා.

කලාපයේ පාලනය සඳහා රුසියාව විසින් පත් කරන ලද ආණ්ඩුකාර ව්ලැඩිමීර් සල්ඩෝ සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරය සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් හිතාමතාම එල්ල කරන ලද ප්‍රහාරයක් බවයි.