2025 ගැන ඇහුවොත් ගොඩක් අය කියන්නේ ඔහේ ගෙවිලා ගියා, කරන්න හිතන් හිටපු කිසි දෙයක් කර ගන්න වුණේ නැහැ, අන්තිමට අවුරුද්ද ඉවර වුණා නිකම් ම කියල නේ. ඉතින් අපේ පුරුදු සහ අපි ගත කරන ජීවිතේ වෙනස් කර ගත්තේ නැත්නම් අපේ 2026 වසරත් 2025 වගේ ම ඔහේ ගෙවිලා යාවි.
ඒ නිසා මේ අලුත් අවුරුද්දේ අලුතෙන් පටන් ගන්න, වෙනස් වෙන්න මේ දේවල් මතක තියා ගන්න.
පැහැදිලි ඉලක්ක සහ සැලසුම්
ඔයා අද ජනවාරි පළවෙනිදා හිතලා බලන්න ඔයාට 2026 වසරේ සම්පූර්ණ කර ගන්න තියෙන ඉලක්ක මොනවද කියලා. මේ ඉලක්ක specific වෙන්න ඕනේ, ඒ කියන්නේ ඔයා මෙන්න මේ කාලය වෙනකොට මේ දේ කරනවා කියලා ඉලක්ක හදා ගන්න. ඒ වගේම මේ ඉලක්ක වලට යන්න ඕනේ සැලසුමත් ඔයා හදන්න.
උදාහරණයක් විදිහට ඔයාට බර අඩු කර ගන්න ඕනේ කියලා හිතන්න. බර අඩු කර ගන්නවා කියන එක හොඳ පැහැදිලි ඉලක්කයක් නෙමෙයි. ඔයාට බර කොච්චර ප්‍රමාණයකින් අඩු කර ගන්න ඕනේ ද කියලාත් හිතන්න.
දැන් ඒ ඉලක්කය අපි ආයේ හරියට හදමු. එහෙම කලාම “2026 වසර අන්තිම වෙනකොට දී බර කිලෝ 05කින් අඩු කර ගන්න ඕනේ” කියලා ගන්න පුළුවන්. දැන් මේක කරන්න ඕනේ සැලසුම හිතන්න. diet, gym වගේ දේවල් අද හෙට ඉදන් ම පටන් ගන්න.
ඒ වගේම මාසෙන් මාසේ ඔයා ඔයාගේ ඉලක්කයට කොච්චර ලං වෙලාද කියලා බලන එක හරිම වැදගත්. එහෙම බලනකොට අපි අපේ ඉලක්කයට යන්න motivate වෙනවා වගේම අපිට පුළුවන් අපි හරි track එකේ යනවද කියලා බලා ගන්නත්, සහ අවශ්‍ය නම් අපේ සැලසුම වෙනස් කරන්නත් මේ ක්‍රමේ උදව් වෙනවා.
ඒ නිසා මේ අවුරුද්දේ ඉලක්ක හදනකොට ඒ ඉලක්ක කුඩා ඉලක්ක වලට බෙදා ගෙන ඒ වෙනුවෙන් ඔයා කරන දේත් සැලසුම් කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම වැදගත් වැඩවලට වැඩි ප්‍රමුඛත්වය දීලා කරන්න.
කාල කළමනාකරණය
2025 අවුරුද්දේ ඔයාගේ කාලය වැඩිපුර නාස්ති කළේ කව්ද? ගොඩක් වෙලාවට ඒ ඔයාගේ ෆෝන් එක. එහෙම නේද ? එහෙනම් මේ අවුරුද්දේ ෆෝන් එක පාවිච්චි කරන එක ටිකක් අඩු කරන්න උත්සාහ කරන්න.
ෆෝන් එක 100%ක් අයින් කරන්න අපිට බැහැ. ඒත් ඒක භාවිතා කරන එක අඩු කරන්න. ෆෝන් එකේ scroll කරන එක වෙනුවට වෙන කුඩා activities කරන්න පුළුවන්. උදාහරණ විදිහට පොතක පිටු 05ක් කියවන්න, පාට කරන්න, මිදුලට බැහැලා ටිකක් ඇවිදලා එන්න, ගෙදර කෙනෙක් එක්ක කතා කරන්න, ගෙදර සුරතල් සතෙක් ඉන්නවා නම් එයාව ටිකක් හුරතල් කරන්න.
ඔයා දවසකට පොතක පිටු 05ක් හැමදාම කියෙව්වොත් ඔයාට අවුරුද්දට පිටු 1825ක් කියවන්න පුළුවන්. ඒ කියන්නේ ආසන්න වශයෙන් පොත් හතරක් පහක්වත් ඔයාට ඉවර කරන්න පුළුවන්.
උදේ නැගිට්ට ගමන් ෆෝන් එක ඔබන්න යන්න එපා. උදේ ඔයාගේ වැඩ ටික ඉවර වෙනකම් ෆෝන් එක අතට ගන්නේ නැතුව ඉන්න එක හොඳයි. පුළුවන් නම් ෆෝන් එක ඔයා නිදා ගන්න bed එකට අරන් එන්නේ නැතුව ඉන්න. නිදා ගන්න එනකොට ෆෝන් එක වෙනම තැනකින්, පුළුවන් නම් කාමරෙන් එළියෙන් තියලා තියන්න.
ඒ වගේම ඔයාගේ messages වලට reply කරන්න වෙනම වෙලාවක් තියා ගන්න. ඒකෙන් නිතරම ෆෝන් එක ඔබන එක අඩු කර ගන්න පුළුවන්, සහ අපේ focus එක එහෙ මෙහෙ යන එක ගොඩක් අඩු කර ගන්න පුළුවන්.
හැමදාම To Do list එකක් හදා ගන්න අමතක කරන්නත් එපා. ඒකෙන් අපිට වැඩ අතපසු වෙන එක අඩු වෙනවා. මේ to do list එකේ විනාඩි පහකට වඩා අඩු කාලයකින් කරන්න පුළුවන් දේවල් ඉස්සෙල්ලම කරන්න. එතකොට ඔයාට කාලය වැය වෙන අනික් වැඩ කරන්න ගොඩක් කාලයක් ඉතුරු කර ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ දේවල් කරනකොට ඔයා ෆෝන් එක scroll කරන්න යන්න එපා. එහෙම වුණොත් විනාඩි 05ක වැඩේට පැයක් දෙකක් යනවා.
මූල්‍ය කළමනාකරණය
ඔයාට ඇත්තටම ඕනේ දේවල් මොනවද, social media වල කෙනෙක් අරගෙන පෙන්නුව නිසා ඔයා ගන්න දේවල් මොනවද කියලා හිතලා බලන්න. මේ දෙවෙනි කාණ්ඩයේ දේවල් නිසා අපේ මුදල් සෑහෙන්න ප්‍රමාණයක් නාස්ති වෙනවා.
අනවශ්‍ය විදිහට දේවල් මිල දී ගැනීමෙන් වලකින්න. තමන්ට අවශ්‍ය දේවල් විතරක් මිල දී ගන්න. අවශ්‍යතාවය” සහ “ආශාව” අතර වෙනස හඳුනාගන්න.
ඒ වගේම මාසෙට පොඩි ගානක් හරි ඉතුරු කරන්න බලන්න. ඉතුරුවක් නැහැ කියලා ඉන්නේ නැතුව අනවශ්‍ය වියදම් මොනවද කියලා බලලා ඒ දේවල් කපලා දාන්න.
මාසේ පඩිය ලැබුනාම ඔහේ වියදම් කරන්න යන්නේ නැතුව මේ සල්ලි මම කොහොමද වියදම් කරන්නේ කියන එකට සැලසුමක් හදා ගන්න. නිවාස කුලිය, බිල්පත්, ණය වාරික වැනි අනිවාර්ය වියදම් වෙන් කරලා ඉතුරු සල්ලි කොහොමද වියදම් කරන්නේ කියලා බලන්න. දෛනික වියදම් සඳහා සීමාවන් තබා ගැනීම හොඳ දෙයක්.
මේ සඳහා money managing app එකක් භාවිතා කරන්නත් පුළුවන්. එතකොට ඒක update කරනකොට අපේ සල්ලි වලට මොකද වුණේ කියලා අපිට හිතා ගන්න පුළුවන් නේ.
මතක තියා ගන්න මේ සල්ලි ඉතුරු කරන්න කියල කියන්නේ නොකා නොබී ඉන්න කියන එක නෙමෙයි. ඒත් සීමාවක් ඇතුව වියදම් කරන්න, සීමාවක් නැතුව තමන්ගේ income එක ගැන දැනුවත් නැතුව වියදම් කරන්න ගියාම තමයි හතර වටේටම ණය වෙන්න වෙන්නේ.
ඒ වගේම Emergency Fund එකක් හදා ගන්න උත්සාහ කරන්න. මේකේ දී අවම වශයෙන් මාස 3-6ක වියදම් පියවා ගැනීමට හැකි මුදලක් වෙනම ගිණුමක තැන්පත් කර තබා ගන්න ඔබට පුළුවන්.
ඔබේ මුදල් හරි තැනක ආයෝජනය කිරීම ගැනත් මේ අවුරුද්දේ අවධානය යොමු කරන්න.
මේ පොඩි අදහස් ටිකත් ඔයාට ඔයාගේ 2026 අවුරුද්ද හොඳ කර ගන්න උදව් වෙයි කියලා හිතනවා.
එහෙනම් සුබ නව වසරක් වේවා ! සතුටින් හොඳින් ඉන්න.

