යුක්රේනය සඳහා අතිරේක ඩොලර් බිලියන 2.5 ක ආර්ථික ආධාරයක් ලබා දෙන බවට කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි නිවේදනය කර තිබෙනවා.
මෙම ආධාරය යුක්රේනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍යකරණය විවෘත කිරීමට උපකාරී වනු ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ පැවති සාකච්ඡාවකදී කාර්නි සඳහන් කළේ.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාම සාකච්ඡා සඳහා යන ගමනේ දී සෙලෙන්ස්කි කැනඩාවට ද ගොස් තිබෙනවා.
එහි දී මෙම ආධාර පැකේජය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර තිබෙනවා.
එසේම ජනාධිපති සෙලෙන්ස්කිගේ නායකත්වය යටතේ, අපට කොන්දේසි, සාධාරණ හා කල් පවතින සාමයක් සඳහා ඇති හැකියාව තිබෙන බව ද ඔහු එහි දී සඳහන් කර ඇත.

