හෙළයේ ගීත කෝකිලාවිය නිහඬ වෙයි

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලිය ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27)  අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ඇය මියයන විට 92 වන වියේ පසුවුණි.

ලතා වල්පොල මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසය.

ඇය ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද වීම විශේෂත්වයක්

සිනමාවේ සදාකාලික ‘ගී රාජිනිය’ ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලි ලබා ඇත.

දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලබා ඇති ඇය, ගායන ලොව තුළ නොමැකෙන චරිතයක් ලෙස හැඳින්විය හැක.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිත බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.