නායයෑම් හේතුවෙන් හානියට පත් රෝහල් 08 වෙනත් ස්ථානවල පිහිටුවීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ ආපදාවලින් සෞඛ්‍ය ක්ෂේත්රය කඩිනමින් නගා සිටුවීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි.
ආපදාවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට වූ හානිය රුපියල් මිලියන 21742 ක් ලෙස ගණන් බලා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

