සෝමාවතිය – සුංගාවිල මාර්ගය ගමනාගමනයට විවෘත කරයි

සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා මේ වන විට විවෘත කර තිබෙනවා.

පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වූ අතර ඒ හේතුවෙන් රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තේ‍ය.

ජලය ක්‍රමානුකූලව බැස යාමත් සමග අද පස්වරුවේ සෝමාවතිය පුදබිමට යන මාර්ගය සහ සෝමාවතිය විහාරස්ථානය මෙසේ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විවෘත කර තිබෙන බව සඳහන්.