අද දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (25) දිනයේත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩල පවසනවා.

එහි ප්‍රධාන මෙහෙයුම් අධිකාරි සංඛ වීරසූරිය පැවසුවේ, අද දිනයේදී විශේෂ ගමන්වාර 75 ක් ක්‍රියාත්මක බවයි.

ඒම ප්‍රවාහන සේවා ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.

මේ අතර උත්සව සමයේදි මගින්ගේ පහසුව සඳහා පෞද්ගලික බස් රථ 100 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරෙන්ඩා පවසයි.

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාව අද දිනයේද ක්‍රියාත්මක බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පවසනවා.