විපක්ෂනායකවරයාගේ නත්තල් දින සුබ පැතුම

උදා වූ නත්තල නිමිත්තෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත්කර තිබෙනවා.

විපක්ෂනායකවරයාගේ සුබ පැතුම් පණිවිඩය පහතින්.

”අඳුරුතම රාත්‍රීන් තුළ පවා ආලෝකය උපදී. ඒ බලාපොරොත්තුවේ ආලෝකය යි. දිට්වා සුළි කුණාටුවෙන් පසු අප රටක් ලෙස වැටුණු තැනින් නැවත ශක්තිමත්ව නැගිට පෙරට යා යුතුය. ඒ වෙනුවෙන් මෙවර නත්තලේ දී ජාති ආගම් පන්ති පාට පක්ෂ භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකත්වය පෙරටු කර ගෙන ඉදිරියට යමු.”