ජේසු බිළිඳාණන්ගේ උත්පත්තිය සිහි කෙරෙන අසිරිමත් නත්තල අද (24) මධ්‍යම රාත්රියේදී උදා වනවා.
මෙවර නත්තල් ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේදී අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.
මේ අතර නත්තල් උත්සවය සහ නව වසරේ උදාව වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක සහ රථ වාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
නත්තල් දින දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම දේව මෙහෙය පැවැත්වෙන බැවින් ආගමික නායකයින්ගේ මෙන්ම බැතිමතුන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

