හෙට (20) දින සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9ට සහ ප.ව 3ට දුම්රියන් දෙකක් අඹේවෙල දක්වාත් අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පෙ.ව 9.30ට සහ ප.ව 3ට දුම්රියන් දෙකක් බදුල්ල දක්වාත් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
දුම්රියන් වායු සමනය කළ පළමු පන්තියේ වෙන් කළ ආසන මැදිරි දෙකක්, දෙවන සහ තෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරියක් සහිතව ධාවනය වනවා.
දුම්රිය කාලසටහන පහතින්,

මේ අතර නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – ත්රිකුණාමලය අතර දුම්රිය ධාවනය හෙට දින සිට පහත පරිදි සිදුකිරීමට නියමිතය.


