දෙසැම්බර් මස පළමු වෙනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 21,156ක් ලෙස දැක්වෙනවා.
ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීන ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව මේ සමඟ මේ වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 14 දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,196,624ක් දක්වා ඉහළ යනවා.

