Amazon සමාගම OpenAI හි ආයෝජනයට සැරසෙයි

Amazon සමාගම කෘතීම බුද්ධි සමාගමක් වන OpenAI හි ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙනවා.

ඩොලර් බිලියන 500 කට වඩා වැඩි වටිනාකමක් ලබා ගත හැකි ගනුදෙනුවක් සමබන්ධයෙන් දෙපාර්ශවය අවධානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

OpenAI සමාගම ඩොලර් ට්‍රිලියන 1 ක් දක්වා වටිනාකමක් ලබා ගත හැකි මූලික මහජන නිකුතුවක් සඳහා අඩිතාලම දමමින් සිටින පසුබිමකයි මෙම ගනුදෙනුව සිදු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ.

Microsoft ආයතනය ද OpenAI සමඟ ගනුදෙනු කිරීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිනවා.

මේ වන විට මයික්‍රොසොෆ්ට් ආයතනය OpenAI හි 27% ක කොටස් හිමිකරගෙන තිබීම විශේෂත්වයක්.