අද ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (17) පස්වරු 4.00 සිට හෙට (18) පෙරවරු 7.00 දක්වා පැය 15ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජලනළ විතැන් කිරීමේ අත්‍යශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි.

ඒ අනුව මහර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක් සඳහා මෙලෙස ජල සැපයුම් අත්හිටුවනවා.

ජල සැපයුම අත්හිටුවීමේන පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ මණ්ඩලය කණගාටුව පළ කර සිටින අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා.